Monday, January 14, 2013

පේරාදෙණිය- තෙල්දෙණිය පාර ගිලා බසී



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කොටසක්‌ ගිලා බැසීම හේතුවෙන් විශ්වවිද්‍යාලයට ජලය සැපයෙන ජලනළ පද්ධතියටද දැඩි හානි සිදුවී ඇත. මේ වන විට එම මාර්ගයේ ජලනළ පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්‌ඩලය කටයුතු කරමින් සිටිති. පේරාදෙණිය ගම්පොල (උඩ පාර) පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය ගිලා බැස ඇති අයුරු සහ තෙල්දෙණිය රංගල පාර ප්‍රධාන මාර්ගය ගිලා බැස ඇති අයුරුද ඡායාරූපවලින් දැක්‌වේ.


No comments: