Monday, January 14, 2013

කහවත්ත පොලිසියේ සේරම මාරු කරයි: ස්ථානාධිපති පමණක් ඉතිරි වෙයි



Police-capස්ථානාධිපතිවරයා හැරුණු කොට කහවත්ත පොලිසියේ සේවයේ නිරතව සිටින සියළුම නිලධාරීන් මාරුකර හැරීමට පොලිස් ප‍්‍රධානීන් තීරණට කර කොට ඇත. ඒ අනුව කහවත්ත පොලිසියේ සේවයේ නිරතව සිටින නිලධාරීන් 30 දෙනෙක් 14 වෙනිදා මාරුකර යැවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. ඉදිරි දින කිහිපය තුල ඉතිරි 32 දෙදෙනාද කහවත්ත පොලිස් ස්ථානයෙන් ඉවත්කරන බව ඔහු කීය. කහවත්ත කොටකෙතන ආශිතව සිදුවූ කාන්තා ඝාතන රැුල්ල සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන වලදී කහවත්ත පොලිසියේ සේවය කළ නිලධාරීන්ගේ දුර්වලතා සහ අඩු පාඩු රාශීයක් හෙළිදරව් වූ බවත් ඇතැම් නිළධාරීන් දේශපාලනඥයන් සමග එක්ව නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක නොකර සිටි බවට තොරතුරු හෙළිදරව් වූ බවත් එම නිලධාරියා කීය.
කහවත්ත පොලිසියේ සේවය කරනු ලබන බොහෝ නිලධාරීන් දීර්ඝ කාලයක් එම පොලිසියේ රැදී සිට ඇති බවත් දේශපාලන හයිහත්තිය හේතුවෙන් ඔවුන්ව කහවත්තෙන් සෙලවිය නොහැකි වූ බවත් පොලිස් මූලස්ථානයේ සේවයේ නිරත උසස් නිළධාරියෙක් සදහන් කළේය. කහවත්ත පොලිස් ස්ථානයෙන් මාරුකරන ලද නිලධාරීන් කෑගල්ල සහ සීතාවක යන පොලිස් කොට්ඨාශවලට අනුයුක්තකර ඇති අතර එම කොට්ඨාශවල සේවයේ නිරතව සිටින දක්‍ෂ නිළධාරීන් පිරිසක් ඒ වෙනුවට කහවත්තට අනුයුක්ත කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

No comments: