Tuesday, January 29, 2013

නීති සිසුවියගේ අත කපා දැමීම ඕනෑම රටක මෙවැනි අත්වැරැදීම් වෙනවා......... මාතර රෝහලේ වෛද්‍යවරයෙක්‌ කියයි


"ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා. පරීක්‍ෂණවල ප්‍රතිඵලවලින් පසු වම් අත කපා දැමූ අචලා ප්‍රියදර්ශනී සිසුවියට වන්දි මුදලක්‌ පවා ගෙවීමට සිදුවෙනවා යෑයි මාතර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ ඊයේ (28දා) පැවැසීය.

මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ "වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම පැවැසීය.

රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්‌මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද හෙතෙම පැවැසීය. මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යෑයිද එම වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝaහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම්අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබේ.
 

No comments: