Monday, January 14, 2013

සීගිරිය රජු අද සිටියා නම් බලධාරින් හිස් ගැසුම් කනු නිසැකයි

sigiriyaසීගිරියට අද උදා වී තිබෙන කණගාටුදායක ඉරණම දකින්න කාශ්‍යප රජු ජීවතුන් අතර සිටියා නම් මීට වගකිවයුතු බලධාරින් කීප දෙනෙකු හිස් ගැසුම් කනු නිසැක යයි සීගිරිය විහාරාධිපති පුබ්ගිලියේ ධම්මානන්ද හිමියෝ කියති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ සීගිරියේ අගතියට පත් ප්‍රදේශවාසීන් සමග එක් වී අද (14) උදේ ආරම්භ කළ උද්ඝෝෂණයේ දීය. සීගිරිය නව නගරයේ මෙම උද්ඝෝෂණය පැවැත්වේ. “වර්ෂාව නිසා වතුර පිරිලා. වෙ‍ළෙඳසල් 15ක් වසා දමලා. මුළු නව නගරයම මඩ වගුරක්. නව නගරයට පැමිණිය හැකි ප්‍රධාන හා අඅතුරු මාර්ග සියල්ල මඩ වෙලා. ජල පහසුකම් නැහැ. වැසිකිලියක් නැහැ. කිසිම පහසුකමක් නැති නිසා සංචාරකයන් පීඩාවට පත් වෙලා. දවසින් දවස සංචාරකයන්ගේ පැමිණීම පහත වැටෙනවා. දඹුල්ල ප්‍රාදේශීය සභාව,මධ්‍යම සංස්කෘතික අරමුදල,නාගරික සංවර්ධන අධිකාරිය තුන් පැත්තකට වෙලා කඹ අදිනවා. ආදායම් ලබා ගන්න පමණයි ඔවුන් ඉන්නේ. කාශ්‍යප රජු ජීවතුන් අතර සිටියා නම් මොව්නුගේ හිස් ගසා දමනවා සිකුරුයි යැයි උන්වහන්සේ පැවසූහ. සීගිරිය ගල මුදුනට ගොස් ආපසු පැමිණෙන තුරු බොන්න වතුර පොදක් නැති බවත්, සිංහ කට අසල තිබූ අවන්හල එතැනින් ඉවත් කර ඇති බවත්,දෙස් විදෙස් සංචාරකයන් මේ නිසා දැඩි අපහසුතාවට පත් වී සිටින බවත් උද‍්ඝෝෂකයෝ පවසති.
sigiriya-peket-1sigiriya-peket-2sigiriya-peket-3sigiriya-peket-4sigiriya-peket-5

No comments: