Monday, January 28, 2013

මෙන්න නව ඇමතිවරු



lanka-logoඅමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දුන්හ. විදුලිබල හා බලශක්ති ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි, ඛනිජ තෙල් කර්මාන්ත ඇමති ලෙස අනුර ප්‍රියදර්ශන යාපා , තාක්ෂණ හා පර්යේෂණ ඇමති ලෙස චම්පික රණවක, පරිසර ඇමති ලෙස සුසුල් ප්‍රේමජයන්ත, සීනි කර්මාන්ත ඇමති ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාත්, අධ්‍යාපන සේවා ඇමති ලෙස දුමින්ද දිසානායක මහතාත්, වනජීවී ඇමති ලෙස විජිතමුණි සොයිසා මහතාත් දිවුරුම් දුන්හ. ඵලදායිතා ඇමති ලෙස බසීර් සේගු දාවිත්, උද්භිද විද්‍යා හා පොදු විනෝදාත්මක ඇමති ලෙස ජයරත්න හේරත් මහතාත් දිවුරුම් දුන්හ.
මීට අමතරව ව්‍යාපෘති ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දුන්හ. රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන මහත්වරු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමතිවරු ලෙස පත් විය.
new-Ministarnew-Ministar2
නියෝජ්‍ය ඇමතිවරු 6ක් අලුතින් පත් විය. ආර්ථික සංවර්ධන එස් .එම් චන්ද්‍රසේන
, සුසන්ත පුන්චිනිලමේ,හිස්බුල්ලා මහත්වරුද, ෆයිසර් මුස්තාපා ආයෝජන ප්‍රවර්දන නි.ඇමති ලෙසද සරත් ගුනරත්න ධීවර නි.ඇමති ලෙසද, අබ්දුල් කාදර් පරිසර නියෝජ්‍ය ඇමති ලෙසද දිවුරුම් දුන්හ. Media-release

No comments: