Tuesday, January 15, 2013

“ගොළු හදවත” සදහටම ගොළු වෙයි

ප්‍රවීණ චිත්‍රපට, වේදිකා රංගන ශිල්පී වික්‍රම බෝගොඩ මහතා අද (15) අභාවප්‍රාප්ත විය. ගොළු හදවත, ගම්පෙරළිය, අහස් ගව්ව, බිනරමලී, කලියුගය, යුගාන්තය වැනි චිත්‍රපටවල ප්‍රතිභාපූර්ණ රංගනයක යෙදුනු ඔහු සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ඇරඹීය. ගම්පෙරළියචිත්‍රපටයේ තිස්සගේ චරිතය රඟපෑවේ බෝගොඩය. ගම්පෙරළියේපමණක් නොව එහි දෙවැනි කොටස වන කලියුගයෙත්තෙවැනි කොටස වන යුගාන්තයෙත්යන නවකතා - චිත්‍රපට තුනේම දක්නා ලැබෙන එකම චරිතය තිස්සය. යුග තුනකින් යුතු එම චරිත 3ම බෝගොඩ රඟපෑවේය.  1940 බදුල්ලේ උපන් golu2දොන් වික්‍රම බෝගොඩ පාසල් තුනකින් අධ්‍යාපනය ලබා ඇත. ඒ මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද හා පන්නිපිටිය ධර්මපාල යන විදුහල් වෙතිනි. බෝගොඩ රංගනයට අවතීර්ණ වූයේ ධර්මපාල වේදිකාවෙනි. ඒ එම විදුහල නිපද වූ ෂේක්ෂ්පියර්ගේමර්චන්ට් ඔෆ් වෙනිස්නාට්‍යයේ ඉංග්‍රීසි නිෂ්පාදනයක ෂයිලොක්ගේ චරිතය රඟපාමින් ය. බෝඩිංකාරයෝනාට්‍යයේ බෝගොඩ රඟපෑවේ වීරසේකරගේ චරිතයයි. බෝඩිංකාරයන්ගෙන් පසු වික්‍රම බෝගොඩ තවත් නාට්‍ය ගණනාවකම රඟපෑවේය. රන්තෝඩු’, ‘වහලක් නැති ගෙයක්’, ‘තට්ටු ගෙවල්’, ‘වගුරු බිම’, ‘ඔන්න බබෝ ඇතින්නියා’, ‘තාත්තා’, ‘හෙලේ නැග්ග ඩෝං පුතා’, ‘නිල් කට්රොල් මල්’, ‘නැට්ටුක්කාරි’, ‘තුරඟ සන්නියඉන් කීපයකි. ඔහු පසු කලෙක කැලණි පාලමනාට්‍යයේ කළ රංගනය ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ගම්පෙරළියෙන්golu3පසු බෝගොඩ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙලොවක් අතරචිත්‍රපටයේ රඟපෑවේය. ඒ ශිරාණි (ජීවරාණි කුරුකුලසූරියගේ) සොහොයුරු සරත්ගේ චරිතයයි. එහෙත් මේ චිත්‍රපටයේ පසු සංස්කරණයකදී බෝගොඩ පෙනී සිටි ජවනිකා සියල්ල ඉවත් කර ඇත. දැනට අපට දක්නට ලැබෙන දෙලොවක් අතරචිත්‍රපටයේ ඔහුගේ දර්ශන කිසිවක් ඇතුළත් නොවේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම සිනමාස්කෝප් සිංහල චිත්‍රපටය ලෙස හැඳින් විය හැකි ඩී. බී. නිහාල්සිංහගේ කෙටි කතාවචිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බෝගොඩය. (පැය භාගයක ධාවන කාලයකින් යුතු මේ සිනමා පටය කහ බළල්ලුනමින් සිංහල දෙබස් කැවූ ත්‍රී යෙලෝ කැට්ස්චිත්‍රපටයත් සමඟ ප්‍රදර්ශනය වූවේය). වික්‍රම බෝගොඩගේ සුවිශේෂම රඟපෑම ලෙස සැලකිය හැක්කේ ආචාර්ය ලෙස්ටර්ගේම ගොළු හදවතචිත්‍රපටයේ ඔහු සුගත් වීරසේකර ලෙස කළ චරිතාංග නිරූපණයයි. එම රංගනය අදත් පැරැනි චිත්‍රපට ලොලීන්ගේ මතකයේ ති‍බේ. පන්නිපිටිය, පරණ පාරේ අංක 49, දරණ නිවසෙහි දේහය තැන්පත් කර ඇති අතර අවමගුල් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන ලැබේ.

No comments: