Friday, January 4, 2013

ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණයේ සැකකරුවෝ අධිකරණය හමුවට

විසිතුන් හැවිරිදි ඉන්දියන් වෛද්‍ය ශිෂ්‍යාව බස් රථයක් තුළදී පසුගිය දා සමූහ දූෂණයකට ලක් කළ අපරාධකරුවන් ඊයේ ප්‍රථම වරට අධිකරණයේ පෙනී සිටීමට නියමිත විය .
මේ අය අතුරින් 5 දෙනෙක්ට දූෂණය කිරිම, පැහැර ගැනිම සහ මිනිමැරිම පිළිබඳ පොලීසිය විසින් චෝදනා එල්ල කර තිබේ. මේ අතර 17 හැවිරිදි බාලවයස්කරුවෙක් බව කියන හයවන විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනි සිටිනු ඇත්ද යන්න පැහැදිලි නැත .
ඔහුගේ වයස නිශ්චය කිරීමට විශේෂ පරීක්ෂණයක් සිදුකෙරේ.
මේ නඩු විභාගය පැවැත්වෙන්නේ දකුණු නවදිල්ලියේ සාකෙට් දිස්ත්‍රික් උසාවියේ දීයි .
වැඩිහිටි සැකකරුවන්ගෙන් වැඩිදෙනෙක් නව දිල්ලියේ මුඩුක්කු වාසින්ය . නඩු විභාගයෙන් වැරදිකරුවන් වුවහොත් මොවුන්ට මරණීය දණ්ඩණය නියමවනු ඇතැයි ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිකුමා ෂින්ඩි පවසයි .
කෙසේවෙතත් ඔවුනට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතු බවට ඉන්දියාවේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගී තිබේ.
බිලියන 1.2 වෙසෙන ඉන්දියාව ජී-20 රටවල් අතුරින් කාන්තාවන්ට නොයෙකුත් අන්දමේ හිංසනයන්ට පාත්‍රවන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවන රට බවට පත්ව තිබේ .

No comments: