Friday, January 4, 2013

තනිව නිදා සිටි කත දූෂණය කර පළා ගිහින්

නිවසක තනිව නිදා සිටි වයස අවුරුදු 51 ක් වන කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කර පළා ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි. දුෂණයට ලක්ව ඇත්තේ සාලියවැව යාය 07 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. තමන් තම නිවස තුළ රාත්‍රී කාලයේ තනිව නිදා සිටින විට නිවසට හොර රහසේ ඇතුළු වු අයෙක් තමන්ව බලහත්කාරයෙන් දුෂණය කර පළා ගිය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත. මෙම කාන්තාවට අතවර කළ අය කව්රුන්ද යන්න ඇය හදුනා ගෙන නැති බවද පොලීසිය කියයි. සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

1 comment:

Unknown said...

Mehewu Ratak.........