Wednesday, January 9, 2013

සියලු ඉල්ලීම ඉවත දමා සෞදිය රිසානාගේ හිස ගසා මරා දමයි

2013 ජනවාරි 09  05:05 p.m
Risanaසෞදි අරාබියේ ගෟහ සේවිකාවක ලෙස රැකියාවකට ගොස් සිටියදි, තමන් සේවය කළ නිවසේ ළදරුවකු ඝාතනයට ලක් කර ඇති බවට චෝදනා ලැබ සිටි මුතූර් හි පදිංචි රිසානා තාෆික් නම් තරුණිය අද (09) ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12 ට පමණ හිස ගසා මරණයට පත් කර ඇති බව විදේශ ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් Pawasa News ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතාගෙන් කළ විමසීමේ දි ඒ මහතා කියා සිටියේ එම අතිශය ශෝකජනක පුවත සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති අංශ වෙතින් තහවුරු කර තිබෙන බවය. මෙම තරුණිය නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ, ශ්‍රී ලංකා රජය දීර්ඝ කාලයක සිට විවිධ උත්සහයන් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විවිධ මැදිහත් වීම් කර තිබු බව ද ඒ මහතා කීය.මෙම මරණය පිළිබඳ සවිස්තර තොරතුරු වහාම වාර්තා කරන්නැයි එරට ශ්‍රී ලංකා තානාපති අංශ වෙත දැනුම් දී තිබෙන බව ද ඒ මහතා කිය.රිසානා තාෆීක් මුතූර් ප්‍රදේශයේ පංදිචිව සිටි තරුණියක වන අතර වයස අවුරුදු 17 දි පමණ ව්‍යාජ වයසක් සඳහන් කර ඒජන්සි ආයතනයක් මගින් සෞදි අරාබියාවට යවා ඇති බවට චෝදනා එල්ල වි තිබිණි. එහිදි තමන් සේවය කළ නිවසේ සිව්මස් දරුවාට බෝතලයකින් කිරි ‍පොවමින් සිටියදි කිරි සිරවි එම දරුවා මියගොස් ඇති බව වාර්තා වි තිබිණ.
Risana1සෞදි අරාබියේ ෂරියා අධිකරණයේ දි මේ පිළිබඳව පැවැති නඩු විභාගයෙන් අනතුරුව ඇය මරණ දඬුවම ලබන තෙක් සෞදි අරාබියේ ද්වාද්මි බන්ධනාගාරයේ රඳවා තිබිණ. සිව්මස් වියැති දරුවකු ඝාතනය කිරිමේ චෝදනාව මත 2007 දි ඇයට එරෙහිව මරණ දණඩනය නියම කර තිබිණ. ඇයව නිදහස් කර ගැනීම උදෙසා රටවල් ගණනාවක මෙන්ම ශ්‍රී ලංකාවේද විවිධ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සංවිධාන සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ, විවිධ සමාජ ක්‍රියාකාරින් විවිධ උත්සහයන් ගනු ලැබුව ද ඒවා සියල්ල නිරර්ථක කරමින් ඇය ඉතා අවාසානාවන්ත ලෙස මෙසේ මරණයට පත් කොට ඇත.

No comments: