Wednesday, January 9, 2013

කැලණිය කොලනියක් කරන්න එපා:.... මේක පාලනය කරන්න දහම් පාසැල් කොල්ලෙකුටත් පුලුවන්....



Kalaniya“කැලණිය කොලනියක් කරන්න එපා. අලුත් කෝවිල්, පංසල් ඕන නැ. මේ පළාත පාලනය කරන පැරෂුට්කාරයෝ එපා. දහම් පාසැල් කොල්ලෙකුට මේ කැලණිය පාලනය කරන්න පුලුවන්”යැයි කැලණිය බෝධිරුක්ඛාරාමයේ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත රත්කරුවේ ප්‍රේමානන්ද හිමියෝ පැවසූහ. අවමගුල් උළෙලේදී අනුශාසනාවක් පවත්වමින් උන්වහන්සේ එසේ පැවසූහ. මරුමුවට පත් කැලණි ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පවත්වන මේ අවස්ථාවේ උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළහ. “පොලිසිය පුරවා මේ මොහොතේ කැලණිය රකිනවා. බය නැතිව කැලණියේ ඇවිදින්න හැකි වෙන්න ඕණ”. යනුවෙන් උන්වහන්සේ පැවසූහ. මේ අතර කැළණිය අවට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ දලුගම පිහිටි විෂ්ණු දේවලය සහ සෙසු කාර්යාල අසල පොලිස් ආරක්ෂාව දැඩි කොට තිබේ.

No comments: