Wednesday, January 9, 2013

කැලණි පරිගණක සොරු මාට්ටු


lop-horaකැලණිය බොල්ලෑගල මහා විද්‍යාලයේ පරිගණක කාමරය කඩා පරිගණක 06ක් සොරාගත් සොරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලිසිය ඊයේ(08)සමත්ව ඇත. ජනවාරි 01 වෙනිදා රාත‍්‍රීයේ මෙම සොරකම සිදුවී තිබුණු අතර පරිගණක 06 වටිනාකම රුපියල් ලක්‍ෂ 06 ඉක්මවන බව පොලිසිය කියයි. සැකකරුවන් බොල්ලෑගල සහ ගෝනවල පදිංචි කරුවන්යප‍්‍රශ්ණ කිරීම්වලදී ඔවුන් ඊට පෙර කැළණිය වගුරුවිල පිහිටි ලංකෙම් ආයතනයද බිද ලක්‍ෂ 12ක් පමණ වටිනා පරිගණක 10ක්ද සොරාගෙන ඇතැයි අනාවරණය වී ඇත. එම සොරකම ඉකුත් දෙසැම්බර් 24 වෙනිදා සිදුවී තිබේ

No comments: