Thursday, January 3, 2013

ඕල්කට් මාවතේ කොටසක් ගිලා බසී.....පොළව යටින් පස් සෝදා පාලුවක්.........

කොළඹ ඕල්‍කට් මාවතේ දෙවැනි හරස් වීදියේ කොටසක් අද (03) පස්වරුවේ හිටිහැටියේ ගිලා බැස්සේය. ඒ සමග අධික රථවාහන තදබදයක් පිටකොටුව හා ආසන්න ප්‍රදේශවල හට ගත්තේය. නගර සභාවේ ඉංජිනේරු අංශ පැමිණ පරික්ෂණ ආරම්භ කර ති‍බෙන අතර ගිලා බැසීමට හේතුව තවමත් අනාවරණය වී නැත. මීට පෙර ගාලු පාරේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර කොටසක්ද ගිලා බැසීමට ලක් විය. මට්ටක්කුලිය මාර්ගයේ කොටසක්ද මේ ආකාරයටම ගිලා බැස්සේය. මේ පිළිබඳ මීට පෙර කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මීට වර්ෂ ගණනාවකට පෙර සුදු ආණ්ඩු විසින් මහ පොළවේ එලන ලද වතුර බැසීමේ සහ මළපවහන නළ දිරා පත් වී පොළව යටින් පස් සෝදාපාලුවක් සිදුවන බවයි.

No comments: