Thursday, January 3, 2013

බිරිඳ ඝාතනය කොට පොලිසියට බාර වෙයි

කොච්චිකඩේ පොලිස් වසමට අයත් 26 කනුව අසල මායිම්පාර නමින් හඳුන්වන ස්ථානය අසලදී අද (03) පස්වරු 2ට පමණ කාන්තාවක් ඇ‍ගේ ස්වාමි පුරුසයා විසින් ඝාතනය කර ඇත. තියුණු ආයුධයකින් කපා කොටා සිය බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැකකරු පිහියත් රැගෙන කොච්චිකඩේ පොලිසිය වෙත ගොස් බාර වී තිබේ. මියගිය කාන්තාව දෙදරු මවකි. කොච්චිකඩේ,උතුරු වැලිහේන අංක 485/01 දරණ ස්ථානයේ මොවුන් පදිංචි වී සිට ඇති බව පොලිසිය කියයි. මෙම ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නැත. පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments: