Thursday, January 3, 2013

ප්‍රදේශ රැසකට අද සිට තද වැසි සහ දැඩි සුළං

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්‌ හට ගෙන ඇති බැවින් අද (03 වැනිදා) සිට යළිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි, තද සුළං සමග ආපදා තත්ත්වයන් ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.විශේෂයෙන් උතුර, උතුරු මැද, මධ්‍යම, වයඹ ඌව පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද වැසි, සුළං ඇති වනු ඇතැයි කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණ සූරිය මහත්මිය Pawasa News වෙත පැවසූවා ය.

බස්‌නාහිර, දකුණ, සබරගමුව පළාත්වලට සවස්‌ කාලයේ ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති විය හැකි යෑයි ඇය කීවාය.

ජලාශවලින් 90% ක්‌ ම පිරී ඇති බැවින් නැවත වැසි ඇති වීමෙන් ජල ගැලීම් උග්‍ර විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ අතර නාය යැම ඇති වූ ප්‍රදේශවල නැවත එම නාය යැම් වර්ෂාව සමග සක්‍රීය විය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.

මේ අතර පසුගිය සති දෙකේ ඇති වූ ආපදා තත්ත්වයෙන් ලක්‍ෂ 4 කට වැඩි පිරිසක්‌ විපතට පත් වූහ.

විනාශ වූ නිවාස සංඛ්‍යාව 30000 කට ආසන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

සහන කඳවුරුවල තාවකාලිකව රැඳී සිටි බොහෝ පිරිසක්‌ ඊයේ (02වැනිදා) සිය නිවෙස්‌වලට යළි ගමන් කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර මහතා
Pawasa News වෙත පැවසීය.

No comments: