Sunday, January 13, 2013

ඉන්දියානු තරුණිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකු නිර්දෝෂී බව කියා සිටියි

10-3ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී විසිතුන් හැවිරිදි තරුණියක පැහැරගනු ලැබ සමූහ දූෂණයට ලක්කර මරාදැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන්  පස්දෙනාගෙන් තිදෙනකු තමන්ට එරෙහිව එල්ලවී ඇති සියලුම චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂී බව අධිකරණය හමුවේ කියා සිටීමට බලා‍පොරොත්තු වන බව වාර්තා වේ.
මේ බව ප්‍රකාශ කරමින් ඔවුන්ගේ නීතිඥයා පවසා ඇත්තේ ‘මුකේෂ් සිං’, ‘ආක්ෂේ තාකූර්’ හා ‘රාම් සිං’ යන මේ තිදෙනාට සාධාරණ විනිශ්චයක් හිමිවිය යුතු බවයි. ඉකුත් සඳුදා මොවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කෙරුණු අතර මීළඟ නඩු විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

No comments: