සය දෙනකු විසින් අමානුෂික
ලෙස දූෂණය කොට විවිධ වධ හිංසාවලට ලක්ව පසුව මියගිය ඉන්දීය යුවතියක මුල්
කොට ඉන්දියාව තුළ සුවිසල් මහජන කැළඹීමක් ඇති විය.
එය මිනිස් සමාජයෙන් සහමුලින් දුරස් කළ යුතු සාපරාධී ක්‍රියාවක් බව ද සැක
නැත. එහෙත් මෙසේ ජන අවධානයට ලක්නොවන නිහඬ ස්ත්‍රී ඛිෙදවාචක දාමයක් ලොව පුරා
නිරතුරු සිදුවෙමින් පවතී.
ලොවම වෙලාගත් පිළිලයක් බවට පත්ව ඇති මෙම ගෘහස්ථ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය දුරලීමේ පැහැදිලි ක්‍රමවේදයක් මේ දක්වා ක්‍රියාත්මකව නැත. නමුදු කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස නොවැම්බර් 25 වනදා නම් කර ඇත. මෙම ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ සෑම දිනකම, සෑම වෘත්තියකම, සෑම තරාතිරමකම කාන්තාවන්ට සහ ළමයින්ට බලපා ඇත. එය වයස, විවාහක අවිවාහක බව, ජාතිය, ආගම, අධ්‍යාපන මට්ටම, ප්‍රදේශය නොසලකා සිදුවේ. ඔබ මෙය කියවන විටත් එබඳු ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට සිදුවෙමින් පවතිනු නිසැකය. තම සහකාරියට පහර දීමට අයිතියක් ඇතැයි බොහෝ පිරිමි සිතති. එනිසාම බොහෝ බිරින්දෑවරු තම ස්වාමියාගේ පහර කෑම්වලට ලක් වෙති. සමීක්ෂණ වාර්තාවන්ට අනුව අප රටේ ගර්භණී මවුවරුන්ගෙන් 40ක් පමණ විවිධ අයුරින් ප්‍රචණ්ඩත්වයට ලක්වෙති.
එක් ගර්භණී මවක් ඇයගේ මවගේ නිවසට යාම වරදක් කොට සැලකූ සැමියා විසින් එයට දඬුවම ලෙස ඇයගේ කකුල් දෙකම කපා දැමීය. එහෙත් ඇයගේ එක් කකුලක් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයකින් වෛද්‍යවරු සමත් වූහ. ඇය මවක් වන විට එක් කකුලක් අහිමිව තිබිණි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සැහැසි බව කෙතරම් දැයි මින් ඔබට මනාව වැටහෙනු ඇත.
මව්වරුන්ට ශාරීරික තුවාල සිදුවීම මෙන්ම ගෘහස්ථ හිංසනය නිසා තැලීම්, රුධිර වහන ගබ්සාවීම්, නොමේරූ බර අඩු දරු උපත් සිදුවීම, මෙන්ම දරුවන් කුස තුළ මිය යාමට ද ලක්වේ. නමුත් මේවායින් සියයට දශම ගණනක්වත් නීතිය හමුවට පත්වන්නේ නැත. පවුල් සමාජ සංස්කෘතික, ආර්ථික සාධක මත මේවා නිහඬ අපරාධ බවට පත්ව තිබේ. ප්‍රචණ්ඩත්වය තුළ වැඩෙන දරුවන් මතු තම සහකාරිය සහ දරුවන් කෙරෙහිද එවැනිම හැසිරීම් රටාවක් අනුගමනය කරති. ඒ බව එවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම් සහිත පුද්ගලයන් ඇසුරින් කරනු ලැබූ
සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ. එවැනි දරුවන් උපදේශනය කර ඉන් මුදවාලිය යුතුය. ප්‍රචණ්ඩත්වයෙන් තොර පවුල් පරිසරය දරුවන්ට කායික සහ මානසිකව නිරෝගී මනා පෞරුෂත්වයක් ගොඩනගා ගැනීමට හැකිවේ. ප්‍රචණ්ඩත්වයෙන් තොර තර්ජන රහිත පරිසරයක ආරක්ෂිතව ජීවත් වීම ඔබේ අයිතිවාසිකමකි. ඒ සඳහා ඔබට ආධාර කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය, කාන්තා පිහිට ආයතනය, නීති ආධාර කොමිසම, පරිවාස හා ළමා
ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක් ඇත. නමුදු අපේ කාන්තාවන් මේවායේ පිහිට නොපැතීම මෙම ඛිෙදවාචකය තවත් තීව්‍ර කිරීමට හේතු වී තිබේ.

ආර්.එම්.එන්. රාජනායක, මාණ්ඩලික හෙද නිලධාරිනී, මහ රෝහල, මාතර.
No comments:
Post a Comment