Thursday, January 10, 2013

මාලිංගගේ විශේෂ පන්දු ත්‍රිත්වයට මුහුණ දීමට සූදානම් වන්න...... ඩේවිඩ් හසී පිතිකරුවන්ට කියයි


16-1හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී ලසිත් මාලිංගගේ විශේෂ පන්දු ත්‍රිත්වයට මුහුණ දීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සූදානම් විය යුතු බව ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු ඩේවිඩ් හසී පවසා තිබේ.

මේ දිනවල ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණේ පසුවෙන ලසිත් මාලිංග සමග ඩේවිඩ් හසී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරති.
මාලිංග යවනු ලබන වේගවත් බවුන්සර් පන්දුවත්, යෝකර් පන්දුවත්, වේගය අඩාල කර යවනු ලබන පන්දුවත් පිතිකරුවන්ට සැමවිටම තර්ජනයක් එල්ල කරන බැවින් එයට මුහුණ දීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට සිදුවනු ඇති බව හසී කියයි.
අජන්ත මෙන්ඩිස් හා අකිල ධනංජය කණ්ඩායමේ තවත් විශේෂ පන්දු යවන්නන් දෙදෙනකු වුවද වැඩිම තර්ජනය ඇත්තේ මාලිංගගෙන් බව හසීගේ අදහසයි.
මම ඔහුට මුහුණ දී තිබිම නිසා ඒක මට වාසියක්. මම ඔහුගේ පන්දු අධ්‍යයනය කර තිබෙනවා. එම පන්දුවලින් බේරීම ‍ලේසි කටයුත්තක් ‍නෙවෙයි.
මෙවර ශ්‍රී ලංකාව සතුව ලොව හොඳම පන්දු යවන්නන් රැසක් සිටින බව පවසන හසී තියුණු තරගාවලියක් ඇති වනු ඇති බව පවසා තිබේ.

No comments: