Monday, January 7, 2013

චීනයේ අනාථ නිවාසයක ගින්නකින් ළමුන් හත්දෙනකු මරුට

චීනයේ “හෙනාන්” පළාතේ පිහිටි පෞද්ගලික අනාථ දරු නිවාසයක හටගත් ගින්නකින් ළමුන් සත් දෙනෙකු මිය ගියහ. “ලන්කාඩ්” ප්‍රදේශයේ “යුවාන් ලිනායි” නමැති කාන්තාව විසින් මෙම නිවාසය පවත්වාගෙන යන ලද්දේ අතහැර දමන ලද දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා බව කියැවේ. පැය දෙකක් ඇතුළතදී ගින්න මැඩපැවැත්වීමට හැකි වූ නමුදු ගින්න හට ගැනීමට මූලික හේතුව මතෛක් අනාවරණය වී නැත. ගින්න හටගන්නා විට නිවාසය තුළ දරුවන් කී දෙනෙකු සිටියේද ඉන් කීදෙනෙකු තුවාල ලැබිද යන්න නිශ්චය කොටගෙන නොමැත.

No comments: