Monday, January 7, 2013

නවදිල්ලි නුවරට නව කාන්තා ‍පොලිස් නිලධාරීන්

පසුගිය මාසයේදී ඉන්දියානු දැරියක දූෂණයට ලක්ව මිය යාමේ සිද්ධියත් සමග උද්ගතව ඇති ජනතා විරෝධතාවන් හේතුවෙන් නව කාන්තා ‍පොලිස් නිලධාරිනියන් නව දිල්ලි නුවර ‍පොලිස් බළකාය සඳහා බඳවා ගැනීමට ඉන්දියානු බලධාරීන් තීරණය කොට ඇති බව වාර්තා වේ. තවද සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමැතිවරයා විසින් සියලුම ප්‍රාන්ත නිලධාරීන් කැඳවා ඇති බවද කියැවේ.
ඉකුත් මාසයේදී සිදුවූ මෙම සිද්ධියේ සැකකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කොට ඇති අතර වරදකරු බවට ඔප්පු කරනු ලැබුවහොත් මරණ දණ්ඩනය වුවද හිමිවිය හැකි බැව් පැවැසේ.

No comments: