Monday, January 7, 2013

ටෙලි නාට්‍ය දත්ත සමඟ ලැප්ටොප් යන්ත්‍රය උස්සලා

2013 ජනවාරි 07  01:15 p.m
horaඉදිරි වසර සඳහා සැලසුම් කර තිබූ ටෙලිනාය්‍ය වැඩ සටහන් ඇතුළු වටිනා දත්ත අඩංගුව තිබූ ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයෙකු සතු වූ ලැප්ටොප් යන්ත්‍රයක් සොරාගත් අයෙකු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. මාහරගම පදිංචි මෙම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා වන රාජකරුණා මුදියන්සේලාගේ රෝහිත සදුන් රාජකරුණා යන අයගේ ගම්පොල පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ තිබියදී මෙම ලැප්ටොප් යන්ත්‍රය සොරා ගත්තැයි ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කොට තිබුණි.

No comments: