Tuesday, January 8, 2013

ඉන්දියාවේ දියණියගේ සැබෑ නම පියා හෙළි කරයි



ff1
පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව මියගිය විසිතුන් හැවිරිදි වෛද්‍ය සිසුවියගේ නම ‘ජෝති සිං පාන්ඩේ’ බව ඇගේ පියා විසින් හෙළිකර තිබේ. ඒ බව පළමුවරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් පියා වන ‘බද්‍රි සිං පාන්ඩේ’ තම තීරණයට හේතුව ලෙස දක්වා සිටින ලද්දේ මෙබඳු අතවරයන්ට මුහුණ පා ජීවත්වීමේ වාසනාව ලද සෙසු කාන්තාවන්ට එමගින් යම් ධෛර්යයක් ලබාදීම බවයි. උත්තර් ප්‍රදේශ් හි සිට මෙම ප්‍රකාශය නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිට ඇත්තේ සිය ආදරණීය දියණියට මෙබඳු අපරාධයක් සිදු කළ ‘මෘගයන්’ තමා දැකීමටවත් කැමති නැති නමුදු ඔවුන් හට මරණ දණ්ඩනය ලබාදීම පමණක් තමාට අවශ්‍ය වන බවයි.

No comments: