ශ්‍රී
ලංකා නීති විද්‍යාලයට 2013 වසර සඳහා සිසුන් බඳවා ගැනීමේ වාභාගයේ දී
අක්‍රමිකතා සිදුව තිබිය දී ඒ පිළිබඳ පරික්ෂණයක් නොපවත්වා එම විභාගයෙන් සමත්
වූ බවට ප්‍රකාශයට පත් කළ සිසුන් ලියාපදිංචි කිරීමට එරෙහිව බොදු බල සේනා
සංවිධානය අද උදේ 9 ට පමණ නීති විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.
භික්ෂූන් වහන්සේලා පනහක පමණ පිරිසක් හා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී
සිට අසාධාරණයට ලක් වූ සිසුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය.
No comments:
Post a Comment