Wednesday, January 9, 2013

පුත්තලමට වැස්ස, ගං වතුර මැද ඩෙංගු


dengu2012 වසර තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1649 දෙනෙකු වාර්තා වී ඉන් රෝගීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය තුෂාණි දබරේරා මහත්මිය පවසන්නීය. මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් වාර්තාවු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 594 කි. නාත්තන්ඩිය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 237 දෙනෙකු වාර්තාවී ඇති අතර හලාවත ප්‍රදේශයෙන් රෝගීන් 147 දෙනෙකු වාර්තාවී ඇත. ඩෙංගු රෝගය වැළඳුණු රෝගීන් ගෙන් මිය ගොස් ඇති 08 දෙනෙකු වාර්තාවී ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයෙනි. දංකොටුව ප්‍රදේශයේ රෝගීන් 02 කු හා හලාවත ප්‍රදේශයේ 01 රෝගියෙකු මිය ගොස් ඇත.

No comments: