Monday, January 7, 2013

සිරි නරඹන රිසින් ඇවිත් රෙදි විකුණා කොටුවේ

2013 ජනවාරි 07  10:45 a.m
adumසංචාරක වීසා බලපත‍්‍ර මගින් ලංකාවට පැමිණෙන ඉන්දියානුවන් උතුරු- නැගෙනහිර පළාත් ආශ‍්‍රිතව සැරිසරමින් රෙදිපිළි වෙළදාමේ නිරතව සිටින බවත් ගෙවී ගිය වසරේ පමණක් එවැනි ඉන්දියානුවන් 100 කට වැඩි පිරිසක් මඩකලපුවෙන් පමණක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. එසේ මෙරටට සංචාරක වීසා මගින් පැමිණ රෙදි වෙළදාමේ නිරතව සිටි ඉන්දියානුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (6) කලවංචි කුඩි ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථානය සදහන් කළේය. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ වෙළදාම්වල නිරතව සිටීම නීති විරෝධී බවත් මේවන විට මෙය ජාවාරමක් බවට පත්ව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

No comments: