Monday, January 7, 2013

පොලිස් නිළධාරිනිය ඝාතනය කළේ පෙම් පලහිලව්වකට

2013 ජනවාරි 07  08:35 a.m
Police-women-m-1පොලිස් කාන්තා නිලධාරිනියකට අද උදෑසන කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී තවත් පොලිස් නිධාරියෙක් පිහියෙන් ඇන මරා දමා පොලිස් නිළධාරියා වසබී ඇත. මෙම ප‍්‍රහාරය ඇයට එල්ලවී ඇත්තේ ගුවන් පාලම මතදීය. පොලිස් නිළධාරිනිය සිය රාජකාරිස්ථානයට වාර්තා කිරීමට යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්ව ඇත.  කොටුව දුම්රිය පොල ඉදිරිපිට ගුවන්පාලම මතදී පොලිස් නිළධාරියෙක් පොලිස් නිළධාරිනියක් ඝාතනයකර වස පානයකර ඇත්තේ ආදර සම්බන්ධයක් ගැන දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවැති ආරවුලක් දුරදිග යාමේ ප‍්‍රතිපලයක් ලෙස යැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඝාතනය වූ කාන්තා නිලාධාරිනිය පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරිනියක් වන අතර ඝාතනය වන විට ඇය තාවකාලිකව පොලිස් ක‍්‍රීඩා කොට්ඨාශයට අනුයක්ත කොට සිට ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇය දක්‍ෂ ක‍්‍රීඩිකාවක් බවද සදහන් වන අතර පොලිස් සේවයට එක්වීද එතරම් කාලයක් නැතැයි දැනගන්නට තිබේ. ඇයව ඝාතනය කර වස පානය කළ කොස්තාපල්වරයාද පොලිස් සේවයට එක්ව එතරම් කාලයක් නැති අතර ඔහු මොණරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරණ නිළධාරියෙකි. දින කිහිපයක් නිවාඩු ලැබ කොළඹට පැමිණ ඇති එම නිළධාරියා කාන්තා නිළධාරිනියව රැක සිට මෙම ප‍්‍රහාරය එල්ලකොට ඇතැයි පොලිසිය කියයි. ඇය ඒ වන විට බම්බලපිටියේ පිහිටි පොලිස් ක‍්‍රීඩා කොට්ඨාශයට යමින් සිටියේ යැයි කියනු ලැබේ. කෙසේ වෙතත් මේ සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්හට පොලිස් නිළධාරීන්ගෙන් බාදා සිදුවූ අතර කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ "මෙය පොලිස් සිදුවීමක් නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර ලබා ගන්නා ලෙසය".ඒ නිසා ඡායාරූප ලබා නොගන්නා ලෙස පැවසීය.

No comments: