Monday, January 7, 2013

කුණු ට්‍රැක්ටරයක් දුම්රියේ ඇමිණී යයි උක්වත්ත පුරා කුණු ගඳ පැතිරී යයි

2013 ජනවාරි 07  12:15 p.m
kunuකොළඹ සිට අවිස්සාවේල්ල දක්වා අද (07) උදේ ධාවනය වූ දුම්රිය අවිස්සාවේල්ල උක්වත්ත කනත්ත අසල තිබෙන අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් ගනිද්දී කුණු පැටවූ ට්‍රැක්ටරයක් දුම්රිය ඇන්ජිමේ ඇමිණී ඇදී ගොස් තිබේ. එම අවස්ථාවේ කුණු ට්‍රැක්ටරයේ නැග සිටි අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනා සහ රියදුරා ට්‍රැක්රයෙන් පැන ඈතට දිවගොස් ජීවිත බේරා ‍ගෙන ඇත. කුණු ට්‍රැක්ටරය දුම්රියේ ඇමිණී ඇදී යාමත් සමග එහි පටවා තිබූ කුණුගොඩ සීසීකඩ විසිරී ගොස් ඇති අතර එම ප්‍රදේශය පුරා කුණු ගඳ පැතිරී යන්නට පටන් ගෙන තිබේ. අවිස්සාවේල්ල ප්‍රාදේශිය සභාවේ සේවකයින් එම ස්ථානයට පැමිණ කුණුගොඩ වෙනත් ට්‍රැක්ටරයකට පැටවීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

No comments: