Thursday, January 3, 2013

රේගු නිවාරණ අධ්‍යක්‍ෂ අල්ලස් ගද්දී මාට්ටු

regu-directorශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ කේ.රංජන් මහතා අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම විසින් අද (03) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් අයථා ලෙස අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව වූ පැමිණිල්ලකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. වාහන කොටස් සහිත කන්ටේනරය නිදහස් කිරීමේ සහතිකයක් නිකුත් කිරීමට රුපියල් ලක්‍ෂ 50 ක මුදල් අල්ලසක් පසුව රුපියල් ලක්‍ෂ 20 කට අඩුකොට ඉන් ලක්‍ෂ 10 ක මුදලක් ලබා ගනිමින් සිටින අවස්ථාවේ අල්ලස් හා දූෂණ මර්ධණ ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments: