Saturday, January 5, 2013

නුවරඑළියේ මහා කුණාටුවක්

නුවරඑළිය දෙසින් මහා කුණාටුවක් හපුතලේ නගරය හරහා ‍අද (05) උදේ 10 ට පමණ හමා යන්නට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ හපුතලේ නගරයේ රැඳී සිටි අය පැවසුවේ මාර්ගයේ ගමන් කිරීමට හෝ හිටගෙන ඉන්නට බැරි තරම් දැඩි ලෙස සුළඟක් හමා යමින් පැවතුන බවයි. මෙම සුළ‍ඟේ මහා ශබ්දය ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ අපට ද අසන්නට ලැබිණ. ඊයේ (04) රාත්‍රියේ කඩින්කඩ ආරම්භ වූ මෙම සුළං තත්ත්වය අද උදේ සිට දැඩි වන්නට පටන්ගත් බව පැවසුවේ හපුතලේ පොලිසියේ පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතායි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ සුළඟින්, ජීවිත හෝ දේපොල හානියක් පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් වාර්ථා නොවූ බවයි. දැඩි සුළං තත්ත්වය මැද වුවත් වාහන ධාවනය සිදුවන බව ඔහු කීවේය. පොලිස් භූමියේ තිබූ මඩුවක් සුළඟින් ගැල වී විසි වූ බව ඔහු කීවේය. දැඩි සුළඟින් හපුතලේ පන්සල පාරේ එක් නිවසකට දැඩි අලාභහානි සිදු වී ඇත. සුළඟින් එම නිවසේ වහලය ගසාගෙන ගොස් තිබේ. රාත්‍රී 7.30 ට පමණ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇද වැටුණු ගසක් හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වුණි. රාත්‍රී 08 වන විට ගස ඉවත් කිරීමට පියවර ගැණුනු අතර වාහන ධාවනයට මාර්ගය විවෘත කෙරුණි. ඊයේ සිට මේ දක්වාම දැඩි සුලඟ පවතින බැවින් වාහන ධාවනයද මන්දගාමීව සිදුකරන බවත් ප්‍රදේශය පුරා විදුලිය ඇණහිට ඇති බවත් හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රියංක කුමාර මහතා කීවේය.
viraj2
viraj1

No comments: