Saturday, January 5, 2013

ව්‍යාපාරිකයෙක් සිසුවකු පැහැර ගොස් හොඳහැටි පහර දී ගෙනැවිත් දමයි

ඊයේ (04) රාත්‍රි 9ට පමණ අම්බලන්ගොඩ නගරයේ දී 17 වියැති පාසල් සිසුවෙකු මෝටර් රථයේ දමා ගෙන ගොස් බරපතල ලෙස පහර දී පසුව එම සිසුවා මහමග දමා ගියේ යැයි සැකපිට අම්බලන්ගෙඩ නගරයේ මාලු සහ වෙළෙඳසැල් ව්‍යාපාරියකු අම්බලන්ගොඩ පොලිසිය මගින් අද (05) උදේ එම මෝටර් රිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්ගොඩ නගර‍යේ ජාතික පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාට පහර දීමෙන් පසු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල දමා ගොස් තිබියදී පොලිසියට හමු වී තිබේ. මේ වනවිට මෙම සිසුවා අම්බලන්ගොඩ පොල්වත්ත රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ මෙම ශිෂ්‍යයා සමග බව පැවසේ. සිසුන් දෙදෙනා අතරේ මීට දින කිහිපයකට පෙර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් මෙම සිසුවා ඊයේ රාත්‍රියේ ව්‍යාපාරිකයා විසින් පැහැර ගෙන මෝටර් රථයේ දමා ගෙන ගොස් පහර දීම සිදුකර ඇතැයි එම සිසුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර උසාවිය හමුවට පමුණුවා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත ‍බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

No comments: