Friday, January 4, 2013

ජාතික විභාගවලදී සිදුවන අපරාධවලට සියලුම නිලධාරින් වගකිව යුතුයි

රශ්න පත්‍ර සැකසීම, මුද්‍රණය හා විභාගය පැවැත්වීම ආදී සෑම අවස්ථාවකදීම බලධාරීන් වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා විභාග අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැටළු රැසක් මතුවන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් පිටවීම පිළිබඳව ජාතික විභාග සම්බන්ධයෙන් කටයුතු කරන විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ ශ්‍රේණිවල සියළු තනතුරුවල නිලධාරීන් වගකීම භාර ගත යුතු බව ලිපියක් යොමු කරමින් එම සංගමය සදහන් කරයි. ජාතික විභාගයකදී මෙවැනි අපරාධයක් කිසිසේත්ම සිදු නොවිය යුතු බවත්, විභාග පරිපාලන කටයුතු විධිමත් ආකාරයට සිදුවන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ හා මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ ආරක්ෂක කැමරා සහ ප්‍රශ්න පත්‍රය සොරකම් කළා යැයි කියන සේවකයා අධීක්ෂණයට නිලධාරියකු නොසිටියේ මන්ද යන්න පැන නගින ගැටළුවක් යැයි එම සංගමය කියයි.

No comments: