Wednesday, January 9, 2013

යලට නියඟය මහට වැස්ස රජරට ගොවියන් අනාථයි



van-dameema-1වැහි කඳුළකුදු නොදුටු අහස් කුස දම් පාටින් දලු ලා ඊසාන දිග මෝසමට ලකලෑස්ති වෙද්දී දහසක් සිත’ග සැනසුම් සුසුම් මෝදු වූයේ නිරායාසයෙනි. පඬු පැහැයට හැරී තිබූ කෙත් යාය අසබඩ කඩාවැටුණු හදවතට සැනසුම් පවන් ගලා ආවේ තරමක ප්‍රමාදයෙන් වූවත්, ඒ මහ කන්නයට සූදානම් වන ආකාසය රිදී පැහැ රේඛාවන්ගෙන් දිදුළන්නට පටන් පසුව ය. යල කන්නයේ නියඟයෙන් පාළු වූ වගාවට හූල්ල හූල්ලා සිටිනවාට වඩා අහස් දියෙන් වැව් අමුණු පුරවා ගන්නටත්, අල්ලක තරමේ ඉඩම හෝ වගා කරගන්නටත් රජරට රජුන් ලහි ලහියේ සූදානම් විය. පාළු වූ වගාවන් වෙනුවෙන් ආණ්ඩුවේ වන්දි සූදානමත්, එකී වගාවන් සඳහා ගත් ණය කපා හැරීමට සූදානම් බවටත් කළ ප්‍රකාශයන් නිසා බරව තිබූ හිසට ද තරමක සැහැල්ලුවක් නොදැනුනා නොවේ. මොර ගොඩි තරම් වැහි කැට වැව් බැඳි රටේ ‍පොළොව සිප ගත්තේ අමතක වූ යුතුකමක් ඉටුකරලීමට මතක් වූ සෙයකිනි.

No comments: