Monday, January 7, 2013

පාසැල් සිසුන් යොදාගෙන සිදුකල සිදු කල හොරනෝට්ටු ජාවාරමක් බිබිල පොලීසිය අල්ලයි

2013 ජනවාරි 06  09:55 p.m
school-boyss
පාසැල් සිසුන් අතරේ හොරසල්ලි ජාවාරමක් ලංකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතී. මේ බව අනාවරනය වන්නේ අද(06) දහවලු බිබිල පොලීසිය විසින් සිදුකල විශේෂ විමර්ශණයකදීය. පොලීසියට ලැබුනු රහසිගත තොරතුරකට අනුව අද(06) දහවල් බිබිල ඉතිරියම්පෙලලන්ද දොඩංගොල්ල ප්‍රදේශයේදී පාසැල් සිසුවෙක් හදිසි පරීක්ෂාවට ලක්කර තිබේ. එම සිසුවාගේ වයස අවුරැදු 17කි. ඔහු ලග තිබී රු.500/- හොර නෝට්ටු 26ක් හමුවී ඇත. මෙම සිසුවා පොලීසියට ගෙනවිත් ප්‍රශ්ණ කිරීම් වලදී මෙම හොරනෝට්ටු මුද්‍රණය සදහා යොදාගත් පරිඝණකයක්,ප්‍රින්ටරයක් හා ඊට අදාල වෙනත් උපකරනද සමග තවත් පාසැල් සිසුන් දෙදෙනෙක් තනමල්විලදී අද පස්වරුවේ බිබිල පොලීසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. ඔවුන් ලග තිබී තවත් රු.500/- හොර නෝට්ටු 39ක්ද සොයාගෙන ඇත.

No comments: