Monday, January 7, 2013

පරිපූරක අංශ 5ක් වර්ජනයට අර අඳී

2013 ජනවාරි 07  03:55 p.m
On-sttikeපරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තින් පහක නියෝජිතයින් මෙමස 09 වැනි දින දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. වෘත්තිය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූ නමුත් මේ වන තෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ මණ්ඩලය අනතුරු අගවා සිටී. කැඳවීම්, අතිකාල හා අනතුරු දීමනා පමා කිරීම, වසර 7 ක් උසස්වීම් ලබා කොදීම, පරිපූරක උපාධිධාරින් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම ප්‍රමාද කිරීම. ව්‍යාජ රසායනාගාර හා ඖෂධ ශාලා වැටලීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනක නිශාන්ත මහතා සඳහන් කළේය.

No comments: