Saturday, January 5, 2013

ශ්‍රී ලංකාවට එරෙහි තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්‌!


* ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට හැදූ මහාචාර්ය රාමසාමි
   මැලේසියා කොටි සමුළුවේ

* අතුරුදහන් වූ බව පවසන මාධ්‍ය පාර්ශවයන්
   ජිනීවා පදික වේදිකාවේ ළමා කරත්තයක්‌ සමග

* ශ්‍රී ලංකාව තුළ රටවල් දෙකඩ කිරීමේ යෝජනාව
   මානව හිමිකම් කවුන්සිලයේ

* යාපනය විශ්වවිද්‍යාලයේ සිව් දෙනාගේ කල්ලිය
   බේරා ගැනීමට දැඩි උත්සාහයක්‌

* අත්අඩංගුවේ සිටින බ්‍රිතාන්‍ය කොටි ලන්ඩන් සිරගෙයකට
    යවන්නැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි

ද්‍රවිඩ සංවිධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගියදා මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රවුප් හකීම් හමුවීමට ගොස්‌ රැඳවුම් භාරයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන් වූ කොටි තිදෙනකු බ්‍රිතාන්‍යයේ බණ්‌ධනාගාරයට යවන්නැයි ඉල්ලීම් කළේය. මෙම ද්‍රවිඩයන් තිදෙනාගේ මව්පියන් එම ඉල්ලීම කරන බවද පැවසූ ඔහු මෙරට බන්ධනාගාරයේ අසතුටුදායක තත්ත්වයක්‌ ඇති නිසා එකී ඉල්ලීම යොමු වී ඇතැයි කියා සිටියේය. මෙයට ප්‍රතිචාර දැක්‌ වූ රවුප් හකීම් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඉදිරිපත් විය යුතු යෑයි සඳහන් කළේය.


1. මැලේසියාවේ පැවැති ද්‍රවිඩ ආරක්‍ෂක සමුළුවට මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස

2. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට හැදූ මහාචාර්ය රාමසාමි

3. මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට රාජ්‍ය නොවන සංවිධානය කින් චෝදනා එල්ල වීම

එහෙත් සැබෑ යථාර්ථය කුමක්‌ද? වානිකුමාර් නැමැති බ්‍රිතාන්‍ය කොටි තරුණිය මෙරටට පැමිණ වන්නියට ගොස්‌ කොටි සමග එක්‌ වී ක්‍රියා කරනු ලැබීය. ඇය වන්නිමෙහෙයුමේදී හමුදාවට අසුවිය. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා වානිකුමාර් නැමැත්තියව බේරා ගැනීමට ඉදිරිපත් විය. ඇයව මුදාහැරීම සම්බන්ධව ආරක්‍ෂක ලේකම්වරයා දැඩි විරෝධය පෑවත් ඉහල නියෝගයකින් නිදහස්‌ විය. ලන්ඩනයට ගිය වානිකුමාර් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා තහනම් යුධ අපරාධ සිදු කර ඇති බවට බ්‍රිතාන්‍ය ඩැනල් 4 රූපවාහිනිය ඔස්‌සේ පැවසූවාය. වානිකුමාර් නැමැත්තියව මුදාහැරීමෙන් සිදු වූයේ වරදක්‌ යයි රජයේ බලධාරීන්ට අවබෝධ විය. දැන් 2 වැනි මෙහෙයුම දියත් වී ඇත. ඒ ප්‍රභාකරන් සමග එක්‌ වී ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ බ්‍රිතාන්‍ය කොටි තිදෙනාව මුදා ගැනීමයි. මොවුන්ව මුදාගෙන ලන්ඩන්නුවරට යෑවීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සකස්‌ වන ඊළඟ චැනල් 4 වීඩියෝ පට දෙක වෙනුවෙනි.

මේ පසුබිම යටතේ සුරේෂ් ප්‍රේම චන්ද්‍රන් ශ්‍රී ලංකාව රජයට කියන්නේ එම කොටි තිදෙනා වරද කළේ ශ්‍රී ලංකාවේ වූවත් දඬුවම ගෙවිය යුත්තේ බ්‍රිතාන්‍යයේ බවය. මෙහිදී සනාථ වන්නේ ප්‍රේමචන්ද්‍රන්ලා උපක්‍රමෂීලී ලෙස සිය ඉදිරි සැලසුම් සකස්‌ කරන බව නොවේද?

කොටින්ට අවි ආයුධ සැපයීමට ක්‍රියා කළ සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජන්ව ඇමරිකානු පොලිසිය විසින් ඉල්ලා සිටි අවස්‌ථාවේ කැනඩා අධිකරණය එම ඉල්ලීමට එකග විය. තමාට දඬුවම් කල යුත්තේ කැනඩාවේදී යයි ස්‌කන්ධරාජා කළ ඉල්ලීම ඉටු වූයේ නැත.

මෙවන් ක්‍රියාදාමයක්‌ මැද යාපනයේ පර්වලිංගම් දර්ශනාත් - ජෙනාමේජෙයන් ගන්මුගම් සොලමන් සහ නවානන්දන් යන ශිෂ්‍ය සංවිධාන නායකයන් බේරා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යන ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන දකුණේ කොටි හිතවාදී පාර්ශව දැඩි උත්සාහයක යෙදී ඇත.

මෙකී සිසුන් දැන් පුනරුත්ථාපනයට යවා තිබේ. මේ අතර පසුගිය සිකුරාදා මැලේසියාවේ කුවාලම්පූර් නගරයේදී ලෝක ද්‍රවිඩ ආරක්‍ෂක සමුළුව නමින් කොටි සමුළුවක්‌ පැවැත් වූනි. මෙය මෙහෙය වනු ලැබුවේ ශ්්‍රS ලංකාව දෙකඩ කිරීමේ අරමුණින් අන්තර් වාර යෝජනා සකස්‌ කළ මහාචාර්ය පී. රාමසාමි නැමැත්තායි 2002 පැවැති රජය යටතේ රාමසාමි කිලිනොච්චියට ගොස්‌ ශ්‍රී ලංකාව දෙකඩ කළ යුත්තේ කෙසේ දැයි දක්‌වමින් ප්‍රභාකරන්ට යෝජනා රැසක්‌ බාර දුන්නේය.

වන්නි මෙහෙයුම ආරම්භවීමත් සමගම අතිශයින් ප්‍රමෝදයට පත් රාමසාමි ශ්‍රී ලංකා හමුදාව ඊළම් රාජ්‍යය බන්දේසියක තබා ප්‍රභාකරන්ට දීමේ මෙහෙයුම අරඹා ඇතැයි කියා සිටියේය. එහෙත් ප්‍රභාකරන් හා කොටි කණ්‌ඩායම ඝාතනය වූ බව සවනය වූ විගස රාමසාමි බෙරිහන්දෙමින් සිංහල හමුදාව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කර ඇතැයි කියා සිටියේය.

රාමසාම් සමග මැලේසියාවේදී පැවැත් වූ කොටි සමුළුවේදී ඊළම් රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ යෝජනාවක්‌ සම්මත විය. ද්‍රවිඩ සංධානයේ මාවයි සේනාධිරාජා ඇතුළු දේශපාලඥයන් පස්‌ දෙනකුද බ්‍රිතාන්‍ය ගෝලිය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් සහ රටවල් රැසක කොටි හිතවාදීන්ද ඊට සහභාගී වී ඇත. මෙහිදී ජනවාරි සහ මාර්තු අතර දී ශ්‍රී ලංකාවට එරෙහිව විශාල විරෝධතාවයක්‌ද ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතින්ගේ හමුදාවක්‌ යෑවීම සඳහා ආර් - 2 පී. ක්‍රමවේදය දියත් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමටද එකග වී තිබේ.

මෙයට අමතරව ලබන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුව හමුවට ශ්‍රී ලංකාවට එරෙහිව මැලේසියානු රජය ලබා යෝජනාවක්‌ ගෙන ඒමටද එකී කොටි සමුළුවේදී තීරණය වී ඇත.

මේ අතර ස්‌විස්‌ බලධාරීහු මුල්වරට තොරතුරු හෙලිකරමින් රාජ්‍ය නොවන සංවිධාන විසින් හිටපු ඇමරිකානු ජාත්‍යන්තර බුෂ් සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ ඇතුළු නව දෙනකුට එරෙහිව ස්‌විස්‌ අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි හෙළි කළේය.

ට්‍රයල් නමින් හඳුන්වාගත් මෙම සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදා නිලධාරියාට නඩු පවරා ඇත්තේ වන්නිමෙහෙයුමේදී කොටින්ට ප්‍රහාර එල්ල කිරීම නිසාය.

මෙලෙස කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව යුද වැදීම නිසා නඩුවක්‌ ගොනුකල ට්‍රයල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් සපයන්නේ ස්‌විස්‌ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් - ඉන්ටර්නැෂනල් ජුරිස්‌ට්‌ ඇතුළු ස්‌විස්‌ සංවිධාන රැසකිනි.

මෙම නඩුව නිසා මේජර් ජනරාල් ජගත් ඩයස්‌ගේ තානාපති වරප්‍රසාද ඉවත් කරනු ලැබූ බවට ද ට්‍රයල් සංවිධානය විසින් සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය.

එසේම මේජර් ජනරාල්වරයා ස්‌විට්‌සර්ලන්තයට පැමිණී පසු ඔහුට එරෙහිව ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂකවරයා විසින් නඩු විභාගයක්‌ පවත්වන බවටත් ප්‍රචාරය විය. මෙයට සමානව ස්‌විස්‌ කොටි ජාලයේ අරුන්කිතිලා දේවෙන්න්ද්‍රන් විසින් ජගත් ඩයස්‌ට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පෙස්‌සමක්‌ ගොනු කර තිබූ බවද වාර්තා විය.

මේ අතර පසුගිය ජනවාරි 2 දා කොටි ඩයස්‌පෝරාව වෙත අසුභදායක ආරංචියක්‌ වාර්තා විය. ඒ එක්‌සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ සභාපතිධූරය පකිස්‌ථානයට හිමිවීමයි. එය එක්‌සත් ජාතීන්ගේ පකිස්‌ථාන් තානාපති මසූද්කාන්ට හිමිවිය.

ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමට උත්සාහ කරන අවස්‌ථාවේ මුල්ම මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ලබා දුන්නේද පකිස්‌ථානයයි එසේම වන්නි මෙහෙයුමේදී කොටි බංකර් විනාශ කිරීමට ගොඩබිම් මිසයිල. ලබා දීමටද පතිස්‌ථානය ක්‍රියා කළේය.

මේ අතර ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වු ඇමරිකාවේ සිටින අන්තර්වාර ඊලම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ ප්‍රධානියා යයි හඳුන්ව වන විශ්වනාදන් රුද්රකුමාරන් නව වසරේදී සිය කොටි මෙහෙයුම අරඹා ඇත. ඔහු මෙලෙස දක්‌වා තිබේ.

"2012 ජිනීවාහිදී අපි ඇමරිකාව සමග එක්‌ වී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කර ජයගත්තෙමු. 2013 දී අපි ශ්‍රී ලංකාව තුළ රටවල් දෙකක්‌ යන ක්‍රියා මාර්ගය අරඹන්නෙමු. ජාත්‍යනත්ර කරලිය තුළ ශ්‍රී ලංකාව තනි කිරීමට අපි ක්‍රියාකරන්නෙමු. මෙම රටවල් දෙකේ යෝජනාව මානව හිමිකම් සමුළුවට යොමු කරන්නෙමු. ඒ සඳහා ජනමත විචාරනයක්‌ පවත්වන්නැයි ඉල්ලමු. රජය සිංහල ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර හිමිකමද උල්ලංඝණය කර ඇත. ලබන මැයි මස ඇමරිකාවේදී පවත්වන කොටි සමුළුවේදී ද්‍රවිඩ ඊළම් නිදහස්‌ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන්නෙමු. අපේ ඊළම් ආණ්‌ඩුව සමග 212537405 දුරකථන අංකය යටතේ සාකච්ඡා කල හැක. මේ ජාත්‍යන්තර දුරකථන මාර්ගය ජනවාරි 14 වැනිදා දියත්වේ ද්‍රවිඩයන්ගේ පිපාසය තමිල ඊලම්යි."

මෙවන් පසුබිමක්‌ මැද අනුරාධපුර රෝහලේ ලේ බැංකුව භාරව සිටි වෛද්‍ය ෂිවශංකර් රත්නසිංගම් නැමැත්තා කොකාවිල් හමුදා කඳවුරට ඇතුළු වී සිටිය දී අසුවිය. මෑතකදී හමුදාවට බඳවා ගත් තරුණියන් සමග හමුදා කඳවුරට පැමිණි මොහු ද්‍රවිඩ තරුණියන් රැසක්‌ හමුදාවට බැදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් සමගද සබඳකම් පවත්වමින් තොරතුරු විමසන බවද බුද්ධි අංශවලට වාර්තාවේ.

යාපනය ලේ බැංකුවේ සේවය කළ මොහුව පසුව අනුරාධපුර ලේ බැංකුවට මාරු කර තිබුණි. එසේම හමුදාවට බඳවාගත් ද්‍රවිඩ තරුණියන්ට හමුදාසේවාවෙන් ඉවත් වන්නැයි මොහු ඉල්ලා සිටි බවද වාර්තා වී තිබුණි.

මේ අතර ප්‍රභාකරන් ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළ ඉන්දියාවේ නාරායන් සාමි නැමැති ගත්කතුවරයා යලි මතු විය ඔහු මෙවර මතුවූයේ මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරියක්‌ ප්‍රාන්සන් හැරිසන්ගේ ග්‍රන්ථයට සුදුහුණු ගෑමටය.

ඉන්දීය සාම හමුදාව වැල්වැටිතුරේ සහ යාපනය රෝහලේදී මිනිස්‌ ඝාතන සිදු කිරීමත් අම්රික්‌සාර්හි රන්දෙවොල වැටලීමේ මෙහෙයවීම සම්බන්ධව ඉන්දීය හමුදා සේනාංක කාන්තාවන් හා ළමුන් ඇතුළු විශාල පිරිසක්‌ ඝාතනය කිරීම ගැනත් චෝදනා එල්ලවන අවස්‌ථාවේ නිහඬව සිටි නාරායන් සාමි පවසන්නේ ප්‍රාන්සස්‌ හැරිසන්ගේ ග්‍රන්ථයේ එන තොරතුරු සත්‍යය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය යන හමුදා නායකත්වයට යුධ අපරාධ චෝදනා එල්ල කළ හැකි බවයි.

එහෙත් ප්‍රාන්සිස්‌ හැරිසන්ගේ මේ සාක්‍ෂිකරුවන් කවුරුන්ද? එක්‌අයෙක්‌ වන්නේ වන්නියේ සිට ලන්ඩනයට පැනගත් ටැමිල්නෙට්‌ නැමැති වෙබ් අඩවියේ කොටි වාර්තාකරුවෙකි. මේ කොටි වාර්තාකරුවා පවසන්නේ ළමුන්ගේ මොල එළියට ඒමේ සිද්ධිය දුටු මව්වරුන් විලාපදුන් බවයි. මේ වසරේ මාර්තු 10 පෙර අවසන් කිරීමට නියමිත චැනල් 4 වීඩියෝ පට දෙක සඳහා මුලාශ්‍ර වී ඇත්තේ ප්‍රාන්සිස්‌ හැරිසන්ගේ ග්‍රන්ථයේ එන සාක්‌ෂිකරුවන්ය. එසේම වන්නි මෙහෙයුමත් සමග සමගම මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් අතුරුදහන් වීම ආරම්භ වු බවද ප්‍රැන්සිස්‌ හැරිසන් සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත.

මේ අතුරුදහන් වූ බව කියන මානව හිමිකම් ක්‍රියාකාරීයෙක්‌ පසුගිය දිනක ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ පදික වේදිකාවක කුඩා ළදරුවකු රැගත් කරත්තයක්‌ ගෙනයන අන්දමත් ඒ අසලින් ස්‌විස්‌ කාන්තාවක්‌ ගමන් කරන අයුරුත් ශ්‍රී ලංකිකයන් කීපදෙනකුටම දැකගත හැකිවිය. මෙලෙස අතුරුදහන් වූ බවට පවසන තවත් මාධ්‍ය පාර්ශවයක්‌ සිය පුත්‍රයා සමග ස්‌විට්‌සර්ලන්තයේ සංක්‍රමනික කඳවුරක සිටි (ඊට අදාළ ඡායාරූපද අප සතුව පවතී.)

මේ හැර කලක්‌ ජාතික රූපවාහිනියේ දේශපාලන විමර්ශනයකු ලෙස හඳුන්වා ගනිමින් කටයුතු කළ තවත් මාධ්‍ය අඳ බාලයෙන් සිය පියා සමග ලන්ඩනයේ සිටින අයුරුද අනාවරණය විය.

මේ අතර උතුරේ ළිඳක තිබී සිව් හැවිරිදි චුදාරිනි ගුණසේකරම් නමැති දැරියගේ සිරුර හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටි හිතවාදීහු ජනතාව ලවා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව උද්ඝෝෂණ ඇති කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් කර ඇත. නවදිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව ජනතාව විරෝධතාවක්‌ එල්ලවීමට සමානව මින් උතුරේ ජනතාව ද මහමගට ගෙන ඒම අරමුණ විය. එහෙත් මේ විරෝධතාවයට සහභාගි වූයේ 200 කට නොඅඩු පිරිසකි. මේ ක්‍රියාදාමයන්හි පසුබිමේ ඇත්තේ උතුරින් හමුදාව ඉවත් කර ගැනීමයි.

මෙවන් පසුබිමක්‌ මැද පුලිතේවන් ත්‍රස්‌තවාදියාට මචං යෑයි ඇමතූ හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ මෙරට පවතින තත්ත්වය විවේචනයට ලක්‌ කර ඇත. එහෙත් විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වෙනුවෙන් සතිපතා රහස්‌ වාර්තා යවන්නේ මොහු බව මුළු ආරක්‍ෂක අංශම දනී.

No comments: