Friday, January 4, 2013

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 චිත්‍රපට දෙකක්‌

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්‌ බ්‍රිතාන්‍යයේදී නිර්මාණය වන බව අනාවරණය වී ඇත.

ඒ සඳහා මෙරටින් පැනගිය කොටි හිතවාදීහු අට දෙනෙක්‌ බොරු සාක්‍ෂි කීමට ඉදිරිපත් වී සිටිති.

ද්‍රවිඩ කන්‍යා සොයුරියක්‌, වන්නියේ සිටි කොටි මාධ්‍යවේදියෙක්‌, කොටි ක්‍රියාකාරිකයෙක්‌, වන්නියේ කොටි වෙළෙඳසලක හිමිකරු හා ඔහුගේ බිරියද ඔවුන් අතර වෙති.

මෙම චැනල් 4 වීඩියෝ පට දෙක මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර සකස්‌ කිරීමේ කටයුතු ලහි ලහියේ සිදුකරෙන බව ලන්ඩන් ආරංචි මාර්ග දන්වයි.

මෙම වීඩියෝ පට නිර්මාණය කිරීමේ සැලසුම වී ඇත්තේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමයි.
 

No comments: