Friday, January 4, 2013

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු 7 වැනිදා නිකුත් කෙරේ

2012 වසරේ පවත්වන ලද පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵළ අනුව ජනප්‍රිය පාසල් වෙත ළමුන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු 07 වැනිදා නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙසේ නිකුත් කරන්නේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණුය. දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණු ලබන 12 වැනිදාට පෙර නිකුත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා තොරතුරු ලබාගැනීමේදී සිදුවූ ප්‍රමාදයක්‌ නිසා යෑයි ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙම තොරතුරු පැවැසූවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
 

No comments: