Monday, January 7, 2013

නිල් වැස්ස ගැනත් හොයයි

 2013 ජනවාරි 07  03:57 p.m
Nil-wassaනිල් වර්ෂාව පිළිබඳව පරික්ෂණ පැවැත් වීමට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය තීරණය කර ඇත. අදාල නිල් ජල සාම්පල තම ආයතනයට ලැබුණු වහාම ප‍ර්යේෂණ කටයුතු ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අර්ල් සමරනායක මහතා සඳහන් කර සිටි. අනුරාධපුර සාලියපුර ප්‍රදේශයට පසුගිය දා ඇද හැලුණු නිල් පැහැති වර්ෂාවේ ජල සාම්පල තම ආයතනය වෙත ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයිද අධ්‍යක්ෂවරයා සිය විශ්වාසය පළ කළේය. මීට ප්‍රථම දිවයිනේ ප්‍රදේශ කීපයකට ඇද හැලුණු රතු,කහ, සහ කොළ වර්ෂාවන් පිළිබඳව මේ වන විටත් පර්යේෂණ පවත්වා ඇති අතර ඒවා වැඩි දුර පරික්ෂණ සඳහා එංගලන්තයට යවා ඇත.

No comments: