Tuesday, January 8, 2013

'කැලණියට මර්වින් එපා' ජනපති ඉදිරියේ ජනතාව හඬ නගති


"ජනාධිපතිතුමනි, කැලණියට මර්වින් සිල්වා එපා, මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න" යෑයි සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට රැස්‌ව සිටි ප්‍රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසූහ.

ඊයේ (7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්‌ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ ද භාර දුන්හ. අවසන් ගෞරව දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්‌ථාවේ අවට රැස්‌ව සිටි ජනතාව විශාල පිරිසක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හඬා වැළපෙමින් ආයාචනයක්‌ කළහ.

රැස්‌ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්‌ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගූහ.

ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්‌ථානයෙන් නික්‌ම ගියේය.

No comments: