Monday, January 7, 2013

කැලණිය ඝාතනයේ පරික්ෂණ හරියට කරන්න ඇමති මෛත්‍රීපාල කියයි

2013 ජනවාරි 07  03:00 p.m
Maithripala-Srisenaකෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කළ කැළණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා කෙරෙන පරික්ෂණවල ප්‍රතිථල දෙස මහජනතාව මහත් ඕනෑකමින් බලා සිටින බැවින් පරික්ෂණ අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කරන ලෙසත් සෞඛ්‍ය ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) උදේ පොලිස්පතිවරයාට ලිඛිතව දැණුම් දී ඇත. විශේෂයෙන් සිදු කරන පරික්ෂණ අපක්ෂපාතිව හා කඩිනමින් සිදුවන්නේද යන්නත් එහි ප්‍රථිපල කුමක්ද යන්න කෙරෙහි ජනතාව දැඩි උනන්දුවකින් හා අවධානයකින් පසුවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ලබා දී තිබූ උපදෙස් අනුව අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකරණ ලෙසත් මහලේකම් වරයා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාට එම ලිපියෙන් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

No comments: