Sunday, January 13, 2013

කිරිගරුඩ පිළිමයක් ලක්ෂ ගානකට විකුනන්න යද්දී මාට්ටු


kirigarundapපෞරාණික වටිනාකමකින් යුතු කිරිගරුඩ පිළිමයක් රුපියල් තුන්ලක්ෂ පණස්දහසකට විකිණීමට තැත්කළ සැකකරුවන් තිදෙනෙකු මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් තනූඡා ඡයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණිග

රන් ආලේපිත කර ඇති බවට සළකුණු ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාව යම් විහාරස්ථානයකින් සොරකම් කළ එකක් බවට පොලිසිය සැකකරයි. මෙම බුදු පිළිමය කඩුගන්නාව ප‍්‍රදේශයේ පාලූ නිවසකට ගෙන ගොස් විකිණිමට යන බවට මහනුවර විශේෂ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ බව මධ්‍යම පළාත් ත‍්‍රස්ත විරෝධි මෙහෙයුම් කාර්යාංශයට දැනුම් දී ඇතග ත‍්‍රස්තවිරෝධී මෙහෙයුම් කාර්‍යාශයේ නිලධාරීන් කළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අඩියක් පමණ උස අඟල් හතක් පමණ පළල මෙම බුදු පිළිමය කිලෝග‍්‍රැම් හතක් පමණ බරින් යුක්තයග මෙම ගනුදෙනුව පිළිබ`දව තවත් සැකකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments: