Sunday, January 13, 2013

පිස්සු බලු එන්නතුත් හිඟයි ලු


pissubaluජල භිතිකාව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ සුනඛයින් එන්නත් කිරීමට ලබා දෙන එන්නත් හිගයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති . මෙම වැඩ සටහන යටතේ වාර්ෂිකව සුනඛයින් ලක්‍ෂ
13 ක් එන්නත් කිරීමට නියමිත නමුත් පවතින එන්නත් හිගය නිසා මෙම වසරේ ඉලක්කයන් සපුරා ගැනීමේ ගැටලූ සහගත තත්වයක් උද්ගතවිමේ අවදානමක් ඇති බව ඔවුහු කියති .
මේ වනවිටත් දිස්ති‍්‍රක් මට්ටමට බෙදා හැර ඇති එන්නත් ඉදිරි සති දෙකක පමණ කාළය තුළ අවසන්වීමට නියමිතව ඇති බවද ඔවුහු පෙන්වා දෙති . 2016 වසර වනවිට ජල භීතිකාව මෙරටින් තුරන් කිරීමේ වැඩ සටහන මේ යටතේ සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඇත්දැයි ඔවුහු ප‍්‍රශ්න කරති.

No comments: