Thursday, January 3, 2013

කැමරාවක් අතැතිව අනඟ රැගුම් පා කොටුවෙයි

වීඩියෝ හා ඡායාරූප ගත හැකි කැමරාවක් අතැතිව බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ නිවසක් අසළ පෙරේදා 02 රාත්‍රී 7.00 ට පමණ සැක කටයුතු ලෙස හැසිරුණ බව කියන තරුණයෙක් අල්ලා ගත් ගම්වැසියන් ඔහුට පහරදී ගස් බැඳ බදුල්ල පොලිසියට බාරදෙනු ලැබීය. යතුරු පැදියකින් පැමිණ ඇති තරුණයා නිවසේ පදිංචි තරුණියක දැක යතුරු පැදිය මහ මග නතර කර නිවස අසලටම ගොස් ජනේල‍යකින් එබිකම් කරමින් සිටියදී බියට පත් තරුණිය තම සොහොයුරාට දුරකථනයෙන් මේ බව දැනුම් දී ඇති බවත්, සොහොයුරා පැමිණ අවට පදිංචි කරුවන්ගේද උදව් ඇතිව සැකකරු අල්ලාගෙන ඇති බව පරික්ෂණ වලින් අනාවරණය වී තිබේ. 26 හැවිරිදි මෙම තරුණයා බදුල්ල කනුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිසිය කියයි.

No comments: