Thursday, January 10, 2013

මාතලේ කඳු නැවත අවදානමේ


mathalekadu09
දා රාති‍්‍ර සිට යලි ඇද හැලන මහ වැසි හේතුවෙන් මාතලේ දිස්ති‍්‍රක්කයේ කඳු කීපයක් යලි නාය යාමේ අවදානමක ඇති බව වාර්තාවේ . පිටකන්ද කන්ද , නිකලොයකන්ද සහ විල්ෂෙයාර් කන්ද වැනි කදු කීපයක් මේ වනවිට සකි‍්‍රය වෙමින් තිබෙන බව ගම්වාසීහු කියති . ඉකුත් 17 , 18 දිනවලදි පැවැති මහ වැසි හේතුවෙන් පිටකන්ද කන්ද නාය යාමෙන් පුද්ගල ජීවිත 13 ක් පමණ අහිමිවූ අතර වෙලංගහවත්ත කන්ද නාය යාමෙන් ජීවිත එකක් සහ පස් කදු කඩා වැටීම හේතුවෙන් ජීවිත තුනක් අහිමි වූ බව වාර්තාවී ඇත .
10 දා අලූයම වනවිට මාතලේ විල්ෂෙයාර් කන්දේ තැන් කීපයක භූමියේ වෙනස්කම් සිදු වෙමින් තිබූ අතර නොකඩවා මිලි මීටර් 75 ක වැසි ධාරිතාවක් පතිතවීමෙන් පිටකන්ද , සහ නිකලොය කන්ද වැනි කදු නාය යාම යලි සකි‍්‍රයවීමේ අවදානමක් ඇති බවට භූ විද්‍යාඥයින් විසින්ද අනතුරු අගවා තිබේ. අවතැන් කදවුරුවල රදවා සිටි අවතැන් වූවන් තාවකාලික කදවුරු හෝ ඥාතීන්ගේ නිවාස වල රදවා තැබීමට තටයුතු කර නාය යාමේ අවදානම තවදුරටත් පවතින ප‍්‍රදේශවල යලි පදිංචි නොකළ යුතු බවට නිර්දේශිත පවුල් ආරක්‍ෂිත ස්ථානවල පදිංචි කිරීමේ මූලික කටයුතු සිදු වෙමින් තිබෙන අවස්ථාවක යලි මහ වැසි ඇද හැලීම නිලධාරින් දැඩි අවදානයට යොමුවී තිබේ.

No comments: