Sunday, January 13, 2013

ජනාධිපති තීන්දුව අගවිනිසුරුවරියට යවයි



preandcj
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් තබා එම ලිපිය පොලිස් අධිකාරීවරයෙකු මඟින් අගවිනිසුරුවරියට බාර දී තිබේ. මේ අතර ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමේ අධිකාරී පත්‍රය ලැබුණු බව ඇගේ නීතීඥවරුද තහවුරු කොට තිබේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන් 117කගේ අත්සන් සහිත දෝෂාභියෝග යෝජනාව ඉකුත් නොවැම්බර් 01 වැනිදා කතානායක වරයාට භාර දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14ක් සහිත දෝෂාභියෝග යෝජනාව නොවැම්බර් හය වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව එය විමර්ෂණයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය විණි.
ජනවාරි 10 සහ 11 දිනයන්හි දෝෂාභියෝග වාර්තාව විවාදයට ගත් අතර දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 155ක් ද, විපක්ෂව 49 ක් ලැබෙද්දී වැඩි ඡන්ද 106කින් දෝෂාභියෝගය ජයග්‍රහණය කිරනු ලැබීය.
2011 මැයි 18 ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනපති ඉදිරියේ ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් අතර වසර එක හමාරක් පමණ කාලයක් එම ධූරය දැරුවාය. දෝෂාභියෝගයකින් ඉවත් වූ ප්‍රථම අගවිනිසුරුවරිය ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සණිටුහන් වේ

No comments: