Thursday, January 10, 2013

දෝශාභියෝග විවාදයේ ජන්දය විමසීම 11 සවස



dosha5අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැරැදිකරු කරමින් ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී 11 සවස 6.30 ට පැවැත්වේ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විමර්ශන කමිටු වාර්තාව පිළිබඳ විවාදය 10 ආරම්භ වු අතර 11 දිනයේද එම විවාදය පැවැත්වේ. සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම වාර්තාව පිළිබඳ යෝජනාව විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය. අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 කින් යුතුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 117 dosha6දෙනෙකුගේ අත්සනින් ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී කතානායකවරයා වෙත මෙම යෝජනාව බාර දෙන ලදි. එම චෝදනා විමර්ශනය කිරිමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුත් විශේෂ කාරක සභාවක් කතානායකවරයා විසින් පත් කළේය. ඇමැති අනුර ප්‍රියදර්ශන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව අගවිනිසුරුවරිය චෝදනා 3 කට වරදකරු කරමින් පාර්ලිමේන්තුවට සිය වර්තාව ඉදිරිපත් කළේය. දෙදිනක් පුරා විවාද කොට 11 සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වේ. මෙම වාර්තාව සම්මත වීමෙන් පසුව කතානායකවරයා විසින් එය ඉදිරි ක්‍රියා මාර්ග සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

No comments: