Thursday, January 10, 2013

එජාපයේ ප්‍රධාන තනතුරු තුනක් 11 සිට පුරප්පාඩුයි


ej1එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් 11 සිට පුරප්පාඩු වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු මෙසේ පුරප්පාඩු වී ඇත. එම තනතුරු වෙනුවෙන් පුද්ගලයින් පත් කිරිමේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන 21 දා දක්වා කල්යාම නිසා මෙසේ තනතුරු පුරප්පාඩුවී තිබේ. අගවිනිසුරුවරිට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශන කමිටු වාර්තා විවාදය හේතුවෙන් ej2අද (10) පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන 21 දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාද, උප නායක ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාද, ජාතික සංවිධායක ලෙස දයා ගමගේ මහතාද කටයුතු කළේය. පක්ෂයේ මෙම තනතුරු සඳහා සාමාජිකයින් පත් කිරිම 10 දා පැවැත්වෙන ej3කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී කිරිමට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය හිමිවිණ. එතෙක් තනතුරුවල සිටින අයගේ කාලය දීර්ඝ කරන ලදි. නමුත් කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්වෙන දිනය කල් යාම නිසා දින දහයක කාලයක් පක්ෂයේ තනතුරු තුනක් පුරප්පාඩුව පවතිනු ඇත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන 21 දා සවස 4.00 ට පැවැත්වේ.

No comments: