Wednesday, May 1, 2013

Karandeniya Murder.........

මෙවන් විපත් යළි දෑසට නොපෙනේවා
කරන්දෙණියම කම්පාකළ ත්‍රිත්ව ඝාතනය

කරන්දෙණිය, කොටවෙල, නාමිනිගොඩ, අක්‌කර 24 ප්‍රදේශයේදී සාහසිකයකු විසින් මව සහ දරු දෙදෙනකු කෲර ලෙස ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධියක්‌ නිසා නාමිනිගොඩ ප්‍රදේශයම එකම මළගෙයක්‌ බවට පත්වී ඇත.

කරන්දෙණිය නාමිනිගොඩ, අක්‌කර 24 ලිපිනයේ පදිංචි උඩුගමගේ ශ්‍රියාණි පුෂ්පලතා (39) දෙදරු මවකි. ඇයගේ වැඩිමහල් දරුවා වන පසිඳු සම්පත් (09) දකුණු මාගල කණිටු විදුහලේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ අතර, ඔහුගේ එකම නැගණිය වන සත්සරා දිල්හානි (07) එම විදුහලේම දෙවැනි වසරේ ඉගෙනුම ලබා ඇත.

ශ්‍රියාණිගේ පුරුෂයා මතට තදින්ම ලොල්වූ බිහිසුනු අපරාධ රැසකට වැරදිකරුවී වසර 6 ක්‌ පමණ බන්ධනාගාර ගතව සිට නිදහස්‌ව පැමිණි දඩබ්බර ගති පැවතුම් වලින් හෙබි පුද්ගලයෙකි.

සිය සැමියාගේ අඩම්තේට්‌ටම් වලින් කලකිරී සිටි ශ්‍රියාණි මීට වසර කිහිපයකට පෙර සිය සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනාද සමගින් හුදකලා ජීවිතයක්‌ ගතකර ඇත. කුරුඳු තැලීමෙන් හා කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කිසිවෙකුටත් අතනොපා අසරණ ජීවිතයක්‌ ගතකල ශ්‍රියාණි සහ ඇය පනට මෙන් ආදරය කළ දරු දෙදෙනා සොයා මරුවා එන්නට ඇත්තේ මීට දින 4 කට හෝ 5 කට පෙර වන්නට ඇත.

ශ්‍රියාණි සිය දරු දෙදෙනා සමග සිය නිවසේ සිටියදී මැදියම් රැයේ නිවසට පැමිණ ඇති ඔවුන්ගේ මරුවා තියුණු ආයුධයකින් ශ්‍රියාණි සහ දරු දෙදෙනාගේ ගෙල සිඳ ලේ විලක්‌ මැද මරා දමා රිසිසේ පලාගොස්‌ ඇත.

ශ්‍රියාණිගේ නිවස ඉදිරිපිටින් වැටී ඇත්තේ කොටවෙල - නාමිනිගොඩ පොදු මාර්ගයයි. ශ්‍රියාණිගේ නිවස දෙසින් අධික දුර්ගන්දයක්‌ පැතිර යැමත්, ශ්‍රියාණි සහ දරු දෙදෙනා නිවසේ පෙනෙන්ට නොමැති වීම ගැනත් සැකසිතූ අසල්වාසීන් මේ පිළිබඳව කරන්දෙණිය පොලිසියට දැනුම් දී ඇත.

එම ආරංචිය සැලවූ විගස ශ්‍රියාණිගේ නිවස වෙත ළඟාවූ පොලිස්‌ නිලධාරීන් ශ්‍රියාණි සිය දරු දෙදෙනා සමඟ ජීවත් වූ අඩක්‌ නිම කරන ලද නිවසේ ඉදිරි කාමරයේ දොර කඩා විවෘත කර බැලීමේදී ශ්‍රියාණි සහ දරුදෙදෙනා ඉතාම කෲර ලෙස ගෙල සිඳ ලේ විලක්‌ මැද මරා දමා තිබෙනු දැක ඇත.

සිද්ධිය පිළිබඳව 28 දා පස්‌වරුවේ සිද්ධිය වූ ස්‌ථානයේ ස්‌ථාන පරීක්‍ෂණයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් ලීලාරත්න විතානච්චි මහතා පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා මළසිරුරු ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යවා වාර්තාවක්‌ ලබා ගන්නා ලෙසටත්, සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

සිද්ධිය පිළිබඳ ඇල්පිටිය කොට්‌ඨාස බාර පොලිස්‌ අධිකාරී කේ. ඩී. අතුල වීරසිංහ මහතාගෙන් zදිවයිනZ කළ විමසුමකදී පොලිස්‌ අධිකාරිවරයා පැවසුවේ මෙම කෲර ඝාතනය පිළිබඳව පැති කිහිපයක්‌ ඔස්‌සේ සහකාර පොලිස්‌ අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඝාතනයට ලක්‌වූ කාන්තාව පිළිබඳව ඇයගේ පුරුෂයා දැඩි වෛරයකින් පසුවූ බවට තොරතුරු පොලිසියට ලැබී තියෙනවා. ඔහු මීට පෙර බිහිසුනු අපරාධ රැසකට වරදකරුවී බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණි අයෙක්‌.

මෙම කෲර ඝාතනය ඔහු විසින් සිදුකලා කියල සැකයක්‌ පවතිනවා. මෙම ඝාතනය ගැන මේ වන විට පොලිසිය තොරතුරු රැස්‌කරමින් සිටිනවා. ඒ අතරේ වැදගත් තොරතුරු රැසක්‌ පොලිසියට ලැබී තියෙනවා. කෙසේ වෙනත් දින කිහිපයක්‌ ඇතුළත මෙම ම්ලේච්ඡ මිනිස්‌ ඝාතනය සිදුකරන ලද සැකකරු හෝ සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා.

ඇල්පිටිය කොට්‌ඨාස බාර පොලිස්‌ අධිකාරී කේ. ඩී. අතුල වීරසිංහ මහතාගේ උපදෙස්‌ මත ඇල්පිටිය සහකාර පොලිස්‌ අධිකාරී ආනන්ද සමරසේකර මහතාගේ අධීක්‍ෂණයෙන් ඇල්පිටිය කොට්‌ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. එම්. ඒ. විඡේසිංහ, පොලිස්‌ පරීක්‍ෂක ජයවීර, කරන්දෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලාල් චන්ද්‍රසිරි, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ප්‍රසන්න මෙන්ඩිස්‌, අසේල පොලිස්‌ සැරයන් වරුන්වන (6021) රණවීර, (53241) සිල්වා, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (60661) තාරක, (66527) ශාන්ත සහ (35261) සමන් යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.

මෙවන් විපත් යළි දෑසට නොපෙනේවා
කරන්දෙණියම කම්පාකළ ත්‍රිත්ව ඝාතනය

ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි - කරන්දෙණිය අමල් ප්‍රියංකර

සේයාරූ - ඇල්පිටිය,කේ. සී. විදානආරච්චි

සේයාරූ - ඇල්පිටිය,කේ. සී. විදානආරච්චි

No comments: