Friday, May 3, 2013

Import tax on potatoes increased

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා රුපියල් 10කින් වැඩි කර ඇති බවය.

දේශිය අර්තාපල් ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලැබීම සහතික කිරීම පිණිස මෙම බදු සංශෝධන සිදුකළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.


No comments: