Wednesday, May 8, 2013

Mervin Silva is not happy....

මගේ විනය පරීක්ෂණය මහ ලේකම් අතගාමින් ඉන්නවා
- අමාත්‍ය මර්වින් සිල්වා

(07දා) ගංවතුරින් අසරණව සිටින කැලණිය - පෙතියාගොඩ, ජනතාවගේ සුවදුක් විමසීමට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගිය අතර එහිදී තමාට එරෙහි විනය පරීක්ෂණය පිළිබඳවද අදහස් දැක්වීය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් තමාට එල්ල කර ඇති විනය විරෝධී ක්‍රියා සම්බන්ධ චෝදනා ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, එහි වාර්තාව මෙතෙක් නිකුත් වී නැති බවත් පැවසූ ඒ මහතා තමාගේ විනය පරීක්ෂණය සම්බන්ධ කටයුත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අතගාමින් සිටින බව කියයි.
එක්කෝ තමා වැරැදිකරු කළ යුතු බවත්, නැත්නම් නිවැරැදිකරු කළ යුතු යැයිද, එසේ නොකොට මෙසේ කාලය ගත කිරීමෙන් තමන්ගෙන් ජනතාවට වන සේවය අඩුවී ඇති බවද ඔහු කීය.
තමාට දැන් ආසනයක් නොමැතිවීම නිසා තැනින් තැන අසරණව සිටින අයට පිහිට වෙමින් හැකි පමණින් ජනතාවට සේවය කරන බවද මර්වින් අමාත්‍යවරයා පැවසීය.

Target-news - මගේ විනය පරීක්ෂණය මහ ලේකම් අතගාමින් ඉන්නවා

Anura S. Liyanage Target-news -2013 මැයි 08

No comments: