Monday, May 27, 2013

Mumbai Indians are the winners of IPL T20...

අයි.පී.එල්. කිරුළ මුම්බායි ඉන්දියන්ස්ටයි
සචීන් සමුගනියි

හය වැනි වරට පැවැති අයි.පි.එල්. ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය චෙන්නායි සුපර්කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රී කොල්කටා හිදී පැවැත්විණ.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් විය.

මුම්බායි ඉනිම වෙනුවෙන් කිරන් පොලාර්ඩ් නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුණේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.

චෙන්නායි ඉනිම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවි ලකුණු 63ක් ලබාගත්තේය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, මිචෙල් ජොන්සන් සහ හර්බජාන් සිං කඩුළු 02 බැගින් බිඳ හෙළුවේය.

තරගයේ වීරයා ලෙස කිරන් පොලාර්ඩ් සම්මානය හිමි කරගත් අතර තරගාවලියේ වීරයා ලෙස ශේන් වොට්සන් සම්මානය හිමි කර ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ඔහුගේ සිය අවසන් අයි.පී.එල් තරගාවලිය මෙය ලෙස ප්‍රකාශයට පත් කළේය.
අයි.පී.එල්. කිරුළ මුම්බායි ඉන්දියන්ස්ටයි-සචීන් සමුගනියි
May 27, 2013  08:02 am
 
No comments: